•  

     

     

     

     

     

     

    ඉන්ටෙග්‍රීටි අයිකන්  2019 – අප වෙත ලැබී ඇති නාම යෝජනා පරීක්ෂා කීරීම සිදුකරමින් පවතී 

ඉන්ටෙග්‍රිටි අයිකන් 2019

ඉන්ටෙග්‍රිටි අයිකන් සම්මාන උළෙල සදහා නාම යෝජනා යොමු කිරීමේ මහජන උනන්දුව වැඩි කිරීම සදහා ජාතික මට්ටමේ මාධ්‍ය ප්‍රචාරණයක් සුපිලිපන්න ප්‍රණාම සම්මාන උළෙලට ලබා දෙනු ඇත. නාම යෝජනා යොමු කරන කාල පරිච්ඡේදය තුල ස්වේච්ඡාවෙන් කටයුතු කරනු ලබන කණ්ඩායමක් විසින් රට පුරා ගමන් කරමින් මහජනතාව විසින් යොමු කරන ලද නාම යෝජනාවල සත්‍යභාවය තහවුරු කර ගැනීම සිදු කරනු ඇත.

මෙලෙස ලැඛෙන නාම යෝජනා අතරින් අවසන් වටයට සුදුසුකම් ලබන නාම යෝජනා 30 ක් ස්වාධින විනිසුරු මඩුල්ලකගේ අධීක්ෂණයට යොමු කරනු අතර ඉන් නාම යෝජනා පහක් විනිසුරු මඩුල්ලේ එකගතාවය මත අවසාන වටයට තෝරා ගනු ලැබේ.

ඉන්ටෙග්‍රිටි අයිඩල් සම්මාන වැඩසටහන යනු පුරවැසියන් විසින් අවංක රජයේ නිලධාරින් හඳුනාගැනිම උදෙසා පවත්වනු ලබන ගෝලිය වශයෙන් ක්‍රියාත්මක වන වැඩසටහනකි. සුපිලිපන් රාජ්‍ය සේවකයන් හදුනා ගනිමින් ඔවුනට සමාජ පිළිගැනීමක් ඇති කරමින් ආදර්ශමත් රාජ්‍ය සේවයක් සදහා වන ආදර්ශ චරිත බිහි කිරීම මෙහි අරමුණ වේ.

මෙලෙස අවසාන වටයට තෝරා ගනු ලබන පුද්ගලයන් පිළිබඳ තොරතුරු එනම් ඔවුන්ගේ පසුබිම, ඔවුන් විසින් ඉටු කරන ලද සේවාවන්, ඔවුන් විසින් ජය ගනු ලැබු බාධක, ඔවුන්ගේ සේවය තුළින් සමාජයට ඇතිවු බලපෑම, ඔවුන්ගේ අරමුණු ආදි තොරතුරු ඇතුලත් වීඩියෝ දර්ශන රූ ගත කර ජනමාධ්‍ය, අන්තර්ජාලය, සමාජ මාධ්‍යයන් තුළ ප්‍රචාරය කර ඔවුන් පිළිබඳව ජාතික සංවාදයක් අන්තර්ජාලය ඔස්සේ සහ ඉන් පිටත නිර්මාණය කරනු ලැබේ. කෙටි පනිවුඩ සේවය ඔස්සේ තමන් කැමති පුද්ගලයන් හට ඡන්දය ලබා දීමේ 2018 වර්ෂයේ සුපිලිපන්න ප්‍රණාම සම්මාන ජයග්‍රාහකයා තෝරා ගැනීමේ හැකියාව පුරවැසියන්ට ඇත.

විනිසුරු මඩුල්ල

අසෝක ගුණවර්ධන

සභාපති මාර්ගා ආයතනය - හිටපු අතිරේක ලේකම්, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය

එම්. එස්. තෙවාගවුරි

ජනමාද්‍ය පුහුණුකාරිනී, ස්වාධීන ජනමාද්‍යවේදිනි

සුන්දර නිහතමානි ඩි මෙල්

ප්‍රවීන ජනමාද්‍යවේදී - සිළුමිණ හා ලක්බිම පුවත්පත්වල හිටපු ප්‍රධාන කතෘ

මෛත්‍රී රාජසින්හම්

විලිතු සිවිල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂිකා හා සමාජ ක්‍රියාකාරිනී

ලලිත් අම්බන්වෙල

ජාතික සුපිළිපන්න ප්‍රණාම සම්මානලාභී , විශ්‍රාමික නියෝජ්‍ය විගණන ජෙනරාල්

ක්‍රියාවලිය

මැයි

විනිසුරු මඩුල්ල පත් කර ගැනීම

ජුනි/ජූලි

සුපිළිපන් ප්‍රණාම සම්මාන උළෙල ප්‍රචාරක කටයුතු ආරම්භ කිරීම
මුද්‍රිත, විද්‍යුත් හා අන්තර්ජාල මාධ්‍ය ඔස්සේ අයදුම්පත් කැදවීම
අයදුම්පත් වර්ගීකරණය හා නුසුදුසු අයදුම්පත් ඉවත් කිරීම

ජුනි

අයදුම්කරුවනගේ තොරතුරු තහවුරු කර ගැනිම

අගෝස්තු

විනිසුරුමඩුල්ල විසින් අවසාන වටයට අපේක්ෂකයන් පස් දෙනෙකු තෝරාගැනීම

අගෝස්තු/සැප්තැම්බර්

අවසාන වටයට තේරි පත් වූ අපේක්ෂකයන්ගේ විඩියෝ පට නිෂ්පාදනය හා ප්‍රචාරණය කිරීම

සැප්තැම්බර්

2018 සුපිළිපන්න ප්‍රණාම සම්මාන ජයග්‍රාහකයා සදහා මහජන ඡන්දය විමසීම

ඔක්තොම්බර්

සම්මාන උළෙල පැවැත්වීම

නිර්ණායක හා යෝග්‍යතාවය

යෝග්‍යතාවය

ජනතාව සමග කටයුතු කිරීමේදී සුපිළිපන්නතාවය ප්‍රදර්ශනය කර ඇති සහ තම දෛනික සේවාව අභිබවා යමින් සමාජ සුබසිද්ධිය උදෙසා කටයුතු කර ඇති රාජ්‍ය සේවකයන් මෙම තරඟයට ඇතුලත් වීමට සුදුසුකම් ලබයි. ඔවුන්ගේ චර්යාව ආදර්ශමත් සහ අගය කළ හැකි මට්ටමක තිබිය යුතු අතර ඵලදායී සමාජයක් බිහි කිරීමට ප්‍රජාව පොළඹවන මට්ටමේ නායකත්වයක් සහිත අයෙක් විය යුතුය. ප්‍රාදේශිය මට්ටමින් නිලධාරින් හට ප්‍රමුඛතාවය ලබා දෙනු ලැබේ. විශ්‍රාමලත් රජයේ නිලධාරින් හෝ කොන්ත්‍රාත් පදනම මත රාජ්‍ය සේවයේ නියුතු නිලධාරින් මෙම සම්මාන සඳහා සුදුසුකම් නොලබයි.
අයදුම්කරු,
• ශ්‍රි ලාංකික පුරවැසියෙකු විය යුතුය.
• රජයේ කාර්යාලයක, නියෝජිතායතනයක හෝ දෙපාර්තමේන්තුවක පුර්ණකාලීන ලෙස සේවයේ නියුතු විශ්‍රාම ලැබීමට තව දුරටත් අවම වශයෙන් වසර 5 ක සේවා කාලයක් සැපිරීමට ඇති පුර්ණ කාලීන ලෙස සේවයේ නිරත සේවකයෙකු විය යුතුය.
• සුපිළිපන් ප්‍රණාම සම්මානය සඳහා නාම යෝජනා ලබා දෙනු ලබන අවස්තාව වන විට රජයේ රැකියාවක අවම වශයෙන් වසර 5ක කාලයක් නිරත වී සිටිය යුතුය.
• රජයේ නිලධාරියෙකු/ සිවිල් සේවකයෙකු ලෙස අවංක භාවයෙන් යුතුව තම රාජකාරි සහ වගකීම් ඉටු කර තිබිය යුතු වේ.
• කිසියම් අපරාධමය වරදකට හෝ කිසියම් ආකාරයක බලය අයුතු ලෙස භාවිතා කිරීමක් සම්බන්ධයෙන් වරදකරුවකු හෝ කිසියම් නියාමන ආයතනයක් ඉදිරියේ චෝදනා ලබා නොතිබිය යුතු වේ.
• මෙම වැඩසටහන සඳහා මහජන ඡන්දය ලබා දිමේ ක්‍රියාවලිය තුල විවෘත ලෙස සහභාගි විය යුතු අතර විනිසුරු මඩුල්ලේ සහ මහජනතාවගේ තීරණයට අනුගතව කටයුතු කළ යුතු වේ.
• රූගත කරනු ලැබීමට සහ තම ඡායාරූප ප්‍රාදේශීය, ජාතික සහ ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය කරනු ලැබීමට කැමත්ත ප්‍රකාශ කළ යුතු වේ.

නිර්ණායක

නාමයෝජනාවක් තුළ පහත සඳහන් නිර්ණායක සපුරා තිබිය යුතු වේ:
• සිදුකරන ලද කාර්යයන් විසින් ඇති කරන ලද බලපෑමෙහි සුවිශේෂීභාවය
• පුද්ගලික විෂය පථයන් ඉක්මවා යමින් පහත සඳහන් ක්ෂේත්‍ර වෙත මෙම කාර්යය / ප්‍රයත්නය තුලින් සිදු කර තිබිය හැකි බලපෑමේ ප්‍රමාණය,
– ආයතනය
– ප්‍රාදේශීය ප්‍රජාව
– ජාතික මට්ටම
– අන්තර්ජාතික තලය
• එවැනි තනතුරක් දරන පුද්ගලයෙකුට ප්‍රබල හෝ දුෂ්කර ලෙස දැනෙන ප්‍රබල අභියෝග ජය ගන්නා ලද ප්‍රමාණය
• සාධනීය බලපෑමක් ඇති කිරිම සඳහා පුද්ගලික, ආර්ථීක, භෞතික, සමාජීය, වෘත්තියමය හෝ ආයතනමය වශයෙන් සිදු කරන ලද කැප කිරීම් ප්‍රමාණය
• තමා සිදු කරන ලද කාර්යයන් රාජ්‍ය සේවය තුළ මිනුම් දණ්ඩක් ලෙස භාවිතා කිරීමේ හැකියාව
• තමා විසින් දරනු ලබන තනතුර මගින් ලබා දෙන ලද අවස්ථාව කොතරම් දුරකට තමාට ඉටු කිරිමට ඇති කාර්යයන්හි නිරත වීම සඳහා බලපෑමක් ඇති කිරිමට යොදා ගත හැකිද යන බව
• මෙලෙස නාමයෝජනා ලබා දි ඇත්තේ හුදෙක්ම සමාජය තුළ සිදු කරන ලද යහපත් කාර්යයන් නිසා නොව සුපිලිපන්නතාවය හේතු කොටගෙන බව පැහැදිලි විය යුතු වේ.

අයදුම්පත් සහ මාර්ගෝපදේශ

අයදුම්පත් භාගත කරගන්න [English/Sinhala/Tamil]

සිංහල

 

DOWNLOAD PDF

ENGLISH

 

DOWNLOAD PDF

தமிழ்

 

DOWNLOAD PDF

නිතර අසන ප්‍රශ්න
සුපිළිපන්නතාවය යනු කුමක්ද ?

දූෂණයෙන් තොරවීම යන්න සුපිළිපන්නතාවය යන්නෙහි මූලික අදහස වුවද තම සේවාවන් ලබා දීමේදී සුවිශේෂී ප්‍රයත්නයක් හෝ සමාජ කැපකිරීමක් සිදු කරනු ලබන අයෙකු වෙමින් සහ දැඩි සදාචාරාත්මක ප්‍රතිපත්ති අනුගමනය කරමින් මහජනතාව සමග කටයුතු කිරිම සඳහා සුවිශේෂ කැපවීමක් ප්‍රදර්ශනය කරන අවංක පුද්ගලයන් හඳුනාගැනීම ලෙස සුපිලිපන්තතාවය යන වචනය සඳහා පුළුල් නිර්වචනයක් අප විසින් ලබා දි ඇත.

ශ්‍රි ලංකාවේ රාජ්‍ය නිළධාරීන් යනු –

රාජ්‍ය නිළධාරීන් යන්නට දැනට සේවයේ නියුතු සියලූම ස්ථීර රාජ්‍ය සේවකයන් ඇතුලත් වන අතර ඊට අමතරව රාජ්‍ය අංශයට අයත් අධිකාරීන්, මණ්ඩල, ආරක්ෂක සේවා හෝ රාජ්‍ය අංශයට අයත් ව්‍යාපාර ආයතන හා සම්බන්ධ ස්ථීර සේවයේ නියුතු සේවකයන්ද මෙම සම්මාන උළෙල සදහා ඉල්ලූම් කල හැකිය.

නාමයෝජනා එවන්නේ ‌කෙසේද?

ඕනෑම කෙනෙකුට තමන්ව හෝ වෙනත් අයෙකු අපේක්ෂකයෙකු නම් කිරීම සිදු කළ හැකිය. (නාමයෝජනා ආකෘති පත්‍රයක නිදර්ශකයක් ඇමුණුම A හි අඩංගු වේ.) පහත සඳහන් මාර්ග ඔස්සේ නාමයෝජනා ආකෘති පත්‍ර ලබා ගතහැකිය.:
• වෙබ් අඩවිය [www.integrrityidol.lk]
• විද්‍යුත් තැපෑල [idol@tisrilanka.org]
• ලිඛිතව හෝ මුද්‍රණය කරන ලද ආකෘතිපත්‍ර අංක 5/1, එලිබෑන්ක් පාර, කොළඹ 05 පිහිටි ශ්‍රී ලංකා ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයේ කාර්යාලයට පැමිණ අතින් භාර දිම හෝ තැපැල් මගින් එවීම සිදු කළ හැකිය.

වැඩිදුර තොරතුරු ලබාගැනීමට ඔබට අවශ්‍ය නම් අපගේ ක්ෂණික ඇමතුම් අංකය අමතන්න
0711 295 295 රැ 076 117 33 44

 

මහජන ඡන්ද විමසීම

සුපිළිපන් ප්‍රණාම සම්මාන 2018 සදහා තෝරා ගන්නා ලද අවසන් අපේක්ෂකයන්ගේ වීඩියෝ දර්ශන පට ජන මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම ඇරඹුනු පසු ඡන්දය ප්‍රකාශ කිරිම ආරම්භ වේ. මහජනතාවට තමන් කැමති අපේක්ෂකයන් සදහා කෙටි පණිවුඩ කේතයක් (SMS) මගින් ඡන්දය ලබා දිය හැකිය.

වංචාවන් සිදුවීමට ඇති ඉඩකඩ අවම කිරීම සඳහා එක් පරිගණකයක් භාවිතා කර එක් ඡන්දයක් සහ එක් සිම් කාඩ්පතක් භාවිතා කර එක් ඡන්දයක් ලෙසට ඡන්දය පාවිච්චි කළ හැකි ආකාරය පිළිබඳ සිමාවක් පනවා ඇත. කිසියම් ඡන්දදායකයෙකු විසින් සිදු කරන ලද ඡන්ද වංචාවක් සඳහා යම් අපේක්ෂකයෙකු සම්බන්ධ වි ඇති බව අනාවරණය වුවහොත් ඔහු / ඇය එකෙනෙහිම තරඟයෙන් ඉවත් කරනු ලැබේ.

අපේ අනුග්‍රාහකයින්

location-icon

ADDRESS

Transparency International Sri Lanka,

5/1, Elibank Road,

Colombo 05,

Sri Lanka

Time: 8:30 AM to 5:00 PM [Monday to Friday]

email-icon

CONTACT

idol@tisrilanka.org

0711 295 295   -or –   076 117 33 44

SEND US A MESSAGE

If you have any questions about the event, please contact us directly. We will respond for sure.






back to top
LANGUAGE
தமிழ்
ENGLISH